ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් 2018 නත්තල් කැරොල් ගී ප‍්‍රසංගයක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද 2018 ගුවන් හමුදා නත්තල් කැරොල් ගී ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 14 වන දින සන්ධ්‍යාවේදී කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී එෂාන්ත ද ඇන්ඩ‍්‍රාඩෝ මහතා විසින් ගීතිකා ඉදිරිපත් කරන ලද ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සහ එම පවුල්වල සාමාජිකයින් ගෙන් සමන්විත ගීතිකා කණ්ඩායම මෙහෙයවන ලදී. ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දය විසින් මියුරු සංගීතය ගීතිකාවන් සඳහා සපයන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේඛම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.

සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නිර්මාල් කොස්වත්ත  ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සෙසු නිළයන්, සේවා පුද්ගලයන්ගේ ළමුන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.