රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික අංශ එකමුතුව 2018 කායවර්ධන ශූරතාවය දිනයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික අංශ එකමුතුව විසින් 2018 ගුවන් හමුදා අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහිදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොල ගුවන් හමුදා කඳවුර දෙවන ස්ථානය දිනා ගන්නා ලදී. තරඟාවළිය 2018 දෙසැම්බර්  මස 17 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී නිමාවට පත්විය.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා කායවර්ධන සංචිත සභාපති ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.