හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 9 බලඝණය එම්අයි 24 හෙලිකොප්ටර් යානාවක් වසර තුනකට පසු ගොඩබිම් ධාවන පරීක්‍ෂාවක් සිදුකරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවන් සිය අවසාන පියාසැරිය 2014 ජූනි මස 13 වන දින සිදුකරන ලද අතර 2015 මැයි මස 21 වන දින අවසාන ගොඩබිම් පරීක්‍ෂාව සිදුකරන ලදී. තාක්ෂණික කාර්යමණ්ඩලයේ නිපුණතා පිළිබඳ අත්දැකීම් සහ නිපුණතාවය පවත්වාගෙන යාමේ වැඩිවන අවශ්‍යතාවයට අනුව බලඝණය විසින් එම්අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවන් ගොඩබිම් ධාවන පරික්‍ෂාවක් සිදුකිරීමට තීරණය කරන ලදී.

හෙලිකොප්ටර් යානාවන්හි ප‍්‍රධාන අළුත්වැඩියා කටයුතු සිදුකරන අතරම හෙලිකොප්ටර් යානාවේ සෑම පද්ධතියක්ම පිළිබඳව පුළුල් අධ්‍යයන මාලාවක් සිදුකිරීමෙන් අනතුරුව ගොඩබිම් ධාවන පරීක්‍ෂාව සිදුකරන ලදී. බලඝණයේ සාමාජිකයන්ගේ බලවත් කැපකිරීමේ සහ උත්සාහයේ අවසාන ප‍්‍රථිපලය වශයෙන් බලඝණය 2018 දෙසැම්බර් මස 17 වන දින සාර්ථක ගොඩබිම් ධාවන පරීක්‍ෂාවක් සිදුකරමින් දැවන්ත කාර්යභාරයක් ඉටුකිරීමට සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.