ගුවන් හමුදාධිපතිතුමන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නව නිවාඩු නිකේතනය සහ අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද සේවා සහ වශ‍්‍රාමික සෙසු නිළයන්ගේ නිවාඩු නිකේතනය සහ අබාන්ස් ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම 2018 දෙසැම්බර් මස 21 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් සිදුකරන ලදී.

නිවාඩු නිකේතනය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හුමදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් නිර්මාණය සහ ඉදිකිරීම් සිදුකරන ලදී. මෙම නිවාඩු නිකේතනය සියළුම පහසුකම්වලින් සමන්විත කාමර 21 කින් සමන්විත වෙයි. එසේම කාමර දෙකක් ආබාධිත පුද්ගලයින් සඳහා විශේෂිත ලෙස සකස්කොට ඇති අතර තවත් කාමර දෙකක් විශ‍්‍රාමික සේවා පුද්ගලයන් වෙනුවෙන් වෙන්කොට තිබේ.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ, අබාන්ස් ආයතනයේ කළමණාකරු, නිළධාරින්, විශ‍්‍රාමික සහ ආබාධිත ගුවන් හමුදා පුද්ගලයින් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.