අංක 05 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 76 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 05 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 76 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2018  දෙසැම්බර් මස 21 වන දින සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ ගුවන් පක්‍ෂාංගයේ ප‍්‍රධාන උපදේශක එයාර් කොමඩෝර් සීබී ලැබ්රෝයි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ත‍්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ හඬ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයි. පාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදී. මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 34 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 47 දෙනෙකු, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ එක් ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීවරයෙකු සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු ගෙන් මෙම පාඨමාලාවන් සමන්විත විය. මෙහිදී 84 දෙනෙකු හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

අංක 05 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් සැරයන් ෆොන්සේකා එචඑෆඒඅයි සම්මාන හිමිකර ගත් අතර අංක 76 සිංහල මාධ්‍ය පාඨමාලාවේ බලපංති සැරයන් දුමින්ද ජීසීඑම්  සහ කෝප‍්‍රල් චතුරංගිකා ජේඒඩීඑච් පිළිවෙලින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.