ගුවන් හමුදා කාන්තා බරඉසිලීමේ කණ්ඩායම 2018 ජාතික ජ්‍යේෂ්ඨ බරඉසිලීමේ ශූරතාවය දිනයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම දිවයිනේ අනෙකුත් බර ඉසිලීමේ කණ්ඩායම් පරදවමින් 2018 ජාතික ජ්‍යේෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවය දිනා ගත්හ. 2018 කණිෂ්ඨ, තරුණ සහ ජ්‍යේෂ්ඨ ජාතික බර ඉසිලිීමේ තරඟාවළිය 2018 දෙසැම්බර් මස 20 සිට 24 දින දක්වා කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී.

මෙහිදී ගුවන් හමුදාව සහ නාවික හමුදාව 2018 ජ්‍යේෂ්ඨ ජාතික බර ඉසිලීමේ පිරිමි සම අනුශූරතාවයට හිමිකම් කියන ලදී. ගුවන් හමුදා කාන්තා බරඉසිලීමේ ක‍්‍රීඩිකා කෝප‍්‍රල් ගෝමස් බීඩීඑච් තරඟාවළියේ දක්‍ෂතම බරඉසිලීමේ ක‍්‍රීඩිකාව වශයෙන් සම්මාන දිනා ගන්නා ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.