නාරාහේන්පිට පොලිස් පිහිනුම් තටාකයේදී හා ගල්කිස්ස ජීවිත බේරාගැනීමේ මූලස්ථානයේදී පසුගිය දෙසැම්බර් 28 දින පැවති 67 වන ජාතික ජීවිත බේරාගැනීමේ තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත්විය.
මෙහිදී ගුවන් හමුදා පිරිමි කණ්ඩායම තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.

