හිටපු නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපති හමුවේ

හිටපු නාවික හමුදාධිපතිි අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද දිනයේ (2018 දෙසැමිබර් මස 31 වන දින) ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් හමුදා සම්ප‍්‍රදායට අනුව විශ්‍රාම යාමට ප‍්‍රථම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා හමුවිය.

ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි හිටපු නාවික හමුදාධිපති තුමන් ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන නළධාරි තුමන් විසින් පළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් හිටපු නාවික හමුදාධිපති තුමන් හට ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් හිටපු නාවික හමුදාධිපතිතුමන් උණූසුම්ලෙස පිලිගත්ගෙන සුහද කතාබහක නිරත විය. එහිදි හිටපු නාවික හමුදාධිපතිතුමන් ගේ සේවා කාළය තුල ගුවන් හමුදාවෙත දක්වන් ලද සහයෝගය වෙනුවෙන් ගුවන් හමුදාධිපති තුමන් විසින් එතුමන් වෙත සිය ස්තූතිය පුදකරන ලදි.

මෙම හමුව සංකේතවත් කිරිම සදහා සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුලු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙහිදි හිටපු නාවික හමුදාධීපතිතුමන් ගේ ඉදිරි වැඩ කටයුතු සදහා සුභ පැතුම් එක්කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.