අනුරාධපුර ගුවන් හමුදා කඳවුර මගින් ප‍්‍රජා සත්කාරක සේවාවක්

අතිගරු ජනාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදාධිපති තුමන්ගේ මෙහෙයවීම මත නොච්චියාගම ඇනා ලෙච්චමී මහත්මියගේ පව්ල වෙත නව නිවසක් ප‍්‍රධානය කිරීම පසුගිය ජනවාරි මස 01 දින  අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච් එන් අබේසිංහ මහතා අතින් සිදුවිය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා  සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ කටුනායක ගුවන් හමුදා කඳවුර මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ මගපෙන්වීම මත සිදුකරනු ලදී.

 අනුරාධපුර  ගුවන් හමුදා කඳවුරු නිළධාරීන්, සෙසු නිළයන් සහ නොච්චියාගම ප‍්‍රාදේශීය ලේඛම්, ග‍්‍රාම නිළධාරින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.