කොග්ගල ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගිලන් ඇඳක් පරිත්‍යාග කෙරේ

කොග්ගල ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය 2019 වසරේ පළමු සේවා වනිතා ක‍්‍රියාකාරකම වශයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට දැඩි සත්කාර ඒකකයන් භාවිතයට ගන්නා ගිලන් ඇඳක් පරිත්‍යාග කිරීම 2019 ජනවාරි මස 03 වන දින සිදුකරන ලදී.

කොග්ගල ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් පීඑස්ඩබ් මොල්ලිගොඩ, කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී දොස්තර පුෂ්පිකා මොල්ලිගොඩ සහ කඳවුරු සාමාජික සාමාජිකාවන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිරුක්ෂාන් ජයවීර සහ කාර්ය මණ්ඩලය විසින් පරිත්‍යාගයන් භාරගන්නා ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.