වැසි ජලය ඉතිරි කරමින් ප‍්‍රයෝජනයට ගැනීමේ වැඩසටහනක් ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කෙරේ

වැසි ජලය ඉතිරි කරමින් ප‍්‍රයෝජනයට ගැනීමේ ව්‍යාපෘතියක්  පසුගිය ජනවාරි මස 19 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ස්ථාපිත කරඇති  විවේකය හා විනෝදාශ්වාදය සැපයීමේ පක්ෂාංගයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

චීන රජයේ ආධාරයෙන් සිදුකරණ ලද මෙම ව්‍යාපෘතිය බීජිං ටයිඩේලියන්  වැසි ජල සුරැුකීමේ තාක්ෂණික සමාගම මගින් ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. මෙම  ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ වැසි ජලය ඉතිරි කරමින් වියලි කාලගුණ තත්වයන් ඇතිවූ අවස්ථාවන්හිදී  ප‍්‍රයෝජනයට ගැනීමයි. මේ සඳහා කියුබික් මීටර් 100 ක වපසරියක්න් යුතු භූගත ටැංකියක් යොදා  ගනී.

මෙම අවස්ථාව සඳහා විවේකය හා විනෝදාශ්වාදය සැපයීමේ පක්ෂාංගයේ අණදෙන  නිළධාරී විංග් කමාන්ඩ එච් ඒ ඩී ඩයස් බීජිං ටයිඩේලියන්  වැසි ජල සුරැුකීමේ තාක්ෂණික සමාගෙම් විදේශ අධ්‍යක්ෂක සොංලියෑන් යූ  මහතා හා චතුරි ජයවීර මහත්මිය ඇතුළූ නිළධාරීන් හා සිසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.