සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාව නිමාවෙයි

සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස් ගේ අධීක්‍ෂණය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේ පවත්වන ලද සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාවන් හි සහතික පත් ප‍්‍රදානය 2019 ජනවාරි මස 22 වන දින සීගිරිය ගුවන් හමුදා සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලදී.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝවේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සමන් දසනායක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වියග ඉනාමළුව යොවුන් සේනාංකාධිපති මේජර් කේඩී මලවිගේ මහතා හා  සීගිරිය පැරඩයිස් හෝටලයේ  කොරිඩෝර් හෝටලයේ නේවාසික කළමණාකාර ශෙහාන් ග්‍රෙගරි මහතාද   මෙම අවස්ථාවට සහභාගී වූහ.

සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස්ල සත්කාරක කළමනාකරණ පාසලේ ප‍්‍රධාන උපදේශක ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දුලන්ත කුරේල නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහග සලාක සහායක ගුවන් භටයින් 14 දෙනෙකු සහ භෝජනාගාර භාරකරු ගුවන් භටයින් 08 දෙනෙකු මෙහිදී සහතික පත් ලබා ගන්නා ලදී.

සලාක සහායක පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය  ගුවන් භට නවරත්න ආර්එල්එල්ඒඑස් සහ භෝජනාගාර භාරකරු පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය  ගුවන් භට ගුනසිරි  විසින් දිනා ගන්නා ලදී.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.