දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ වාර්ශික සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාව

දේශයේ උන්නතිය වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුවන්ට, ගුවන් හමුදාවේ සේවය කරනු ලබන සියළුම සේවා පුද්ගලයින්ට, සහෝදර හමුදාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට සෙත්පතා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් සංවිධානය කරන ලද සර්ව රාත‍්‍රික පිරිත් දේශනාව 2019 ජනවාරි මස 24 වන දින කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබඩබපීඩී ප‍්‍රනාන්දුගේ මගපෙන්වීම යටතේ පවත්වන ලදී.

පිරිත් දේශනාවෙන් අනතුරුව 68 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පවත්වන ලද අතර සධාතුක කරඬුව පාසැල් පරිශ‍්‍රය වෙත වැඩම කරවීම අලංකාර පෙරහැකින් සිදු කරන ලදී.

නිළධාරීන්, සෙසු නිළයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සමාජිකාවන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.