ත්‍රිවිධ හමුදා නිළධාරීන් 119 දෙනෙකු ජනපති අතින් උපාධි ලබයි

"උසස් හමුදා නිළධාරීන් සැම විටම තම පහල නිළධාරීන් හට නිසි මග පෙන්වා දෙමින් ඔවුන්ට ආදර්ශවත්ව හැසිරිය යුතු බවත් රටේ මිලිටරි, සිවිල් සහ අපරාධ නීතිය දැන ක්‍රියා කල යුතු අතර කිසි විටක රටේ සිවිල් නීතිය කඩ නොකල යුතු බවයි." අතිගරු ජනාධිපතිතුමා මේ බව පැවසුයේ පසු ගිය ඔක්තෝම්බර් මස (28) දින පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මණ්ත්‍රන ශාලාවේ පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල රාජ්‍යය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ  20 වන උපාධි ප්‍රධානෝත්සවයට එක් වෙමිනි.

කොතලාවල විශ්වවිද්‍යාලයේ කුලපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් පෙරේරා විසින් අතිගරු ජනාධිපතිතුමන් උත්සව භූමියට කැඳවා ආ අතර ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු, නීති සහ කළමණාකරන පීඨයන්හි ත්‍රිවිධ හමුදා නිළධාරීන් 119 දෙනෙකු ජනාධිපති  තුමන් අතින් උපාධි ලැබීය.    

මෙම උපාධි ප්‍රධානෝත්සවය සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ, ත්‍රිවිධ හමුදා උසස් නිළධාරීන් ඇතුළු උපාධිදාරීන්ගේ දෙමාපියන් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.