71 වන ජාතික දින සැමරුමට ගුවන් හමුදාව සැරසෙයි

71 වන ජාතික දින සැමරුම් උත්සව පෙළපාලියේ පුහුණුවීම් 2019 පෙබරවාරි මස 02 වන දින ගාලුමුවදොරදී පැවැත්විණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති පුහුණුවීම් නිරීක්‍ෂණය කිරීමට සහභාගී විය. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස්, ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ, භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, ත‍්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වසරේද ගුවන් හමුදාව නිළධාරීන් 49 දෙනෙකු, ගුවන් භටයින් 743 දෙනෙකු සහ ගුවන් කාන්තාවන් 103 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලපාලියේ ජනාධිපතිතුමන් හට සිය උත්තමාචාරය දැක්වීම සඳහා සහභාගී කරවනු ලබයි.

එසේම ගුවන් හමුදා ගුවන් යානාවන් සහ හෙලිකොප්ටර් යානාවන් ද පෙළපාලියට එක්වන අතර ගුවන් හමුදා ”බ්ලූ ඊගල්ස්” ගුවන් යානා සංදර්ශන කණ්ඩායමද පෙළපාලියේ සිය දක්‍ෂතාවයන් විදහා දක්වනු ලබයි.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.