2019 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශිෂ්ඨ දස්කම්

කදුරට වෙඩිතැබීමේ ක‍්‍රීඩා සමාජය මගින් සංවිධානය කරණ ලද 2019 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාව 2019 ජනවාරි මස 30 සිට පෙබරවාරි මස 03 දක්වා නුවර හන්තාන වෙඩිපිටියේදී  පැවැත්විණි. වෙඩිතැබීමේ කණ්ඩායම් 12 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 151 කට අධික සංඛ්‍යාවක් සහභාගීවූ මෙම තරඟාවලිය සදහා යුධ,  නාවික හා පොලිස් යන කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක්ද සහභාගී විය. මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කරමිින් ක‍්‍රීඩකයින් 10 ක් හා ක‍්‍රීඩිකාවන් 04 ක් ද සහභාගී වූ මෙම තරඟාවලිය IPSC වර්ගීකරණයේ 2019 වසරේ ජාත්‍යන්තර තරඟ නියෝජනය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තේරීම් තරඟයක් වශයෙන්ද පැවැත්වුණි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.