ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත පුහුණුකරුවන්ට ජාතික ක‍්‍රීඩා විද්‍යායතනයෙන් පුහුණු වැඩමුළුවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂකය විසින් සංවිධානය කරන ලද ක‍්‍රීඩා සංචිත පුහුණුකරුවන් සඳහා වූ විශේෂිත වැඩමුළුවක් 2019 පෙබරවාරි මස 14 සහ 15 යවන දෙදින තුළදී ගුවන් හමුදා මූලස්ථාන පැරණි ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. ජාතික ක‍්‍රීඩා විද්‍යායතනයේ  සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂඥ උපදේශකයින් කිහිප දෙනෙකු විසින් වැඩමුළුව මෙහෙයවන ලදී.

ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත වල පුහුණුකරුවන්ගේ දැනුම වැඩි දියිණු කිරීම සහ  කාර්යක්‍ෂම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නිර්මාණය කිරීම මෙම වැඩමුළුව පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණ වෙයි.

මෙම වැඩමුළුව තුළදී,

න්‍යායාත්මක පුහුණු මූලධර්ම ක‍්‍රිඩා සැලසුම් -  සජිත් ජයලාල් මහතා (අධ්‍යක්‍ෂක ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය)
ශක්ති වර්ධනය සහ යෝග්‍යතා තත්වය - ආර්.බී. වික‍්‍රමසිංහ මහතා (සහකාර අධ්‍යක්‍ෂක ක‍්‍රීඩා අමාත්‍යාංශය)
ක‍්‍රීඩා මනෝවිද්‍යාව සහ සමාජවිද්‍යාව - පී.බී. ජයතිලක මහතා (ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය)
ක‍්‍රීඩා ජීවවිද්‍යාව - සංජු සමරනායක මහත්මිය (කථිකාචාර්ය ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය)
යන අංශ යටතේ දේශන පවත්වන ලදී.

ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත නියෝජනය කරමින් පුහුණුකරුවන් සහ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.