ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම සීතාදේවී අන්තර්ජාතික සයසාමාජික හොකී තරඟාවළිය තුන්වන වරටත් දිනයි


ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම 2019 සීතාදේවී අන්තර්ජාතික සයසාමාජික හොකී තරඟාවළියේ ශූරතාවය නොකඩවා තුන්වන වරටත් ජයග‍්‍රහණය කරන ලදී. 2019 පෙබරවාරි මස 23 සහ 24 යන දිනයන්හිදී පේරාදෙණිය විශ්වවිද්‍යාල ක‍්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟාවළියේදී පිරිමි ”ඒ” සහ ”සී” කණ්ඩායම් තරඟාවළියේ ”ඒ” කාණ්ඩයේ සහ ”බී” කාණ්ඩයේ අනුශූරතාවයන් දිනා ගන්නා ලදී.

තරඟාවළිය සීතාදේවි විද්‍යාලය සහ සීතාදේවී ක‍්‍රිඩා සමාජය විිසින් සංවිධානය කරන ලදී.

කාන්තා අවසන් තරඟයේදී ගුවන් හමුදා කණ්ඩායම හමුවේ නාවික හමුදා කාන්තා කණ්ඩායම 3-2 ක් ලෙස පරාජයට පත්විය. ”ඒ” කාණ්ඩයේ පිරිමි අවසන් තරඟයේදී යුධ හමුදා ”ඒ” කන්ඩායම හමුවේ 4-3 ක් ලෙස ගුවන් හමුදා පිරිමි ”ඒ” කණ්ඩායම පරාජයට පත්වූ අතර ”බී” කාණ්ඩයේ පිරිමි අවසන් තරඟයේදී ගුවන් හමුදා ”සී” කණ්ඩායම යුධ හමුදා ”සී” කණ්ඩායම හමුවේ 1-0 ක් ලෙස පරාජයට පත්විය.

තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රිඩිකාව
නායක ගුවන් කාන්තා ප‍්‍රනාන්දු එම්එස්පී

දක්‍ෂතම කාන්තා දැල් රකින්නිය
නායක ගුවන් කාන්තා සිරිවර්ධන එම්සී

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.