කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය සිය 20 වන සංවත්සරය සමරයි

පසුගිය මාර්තු මස 01 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය සිය 06 වන සංවත්සරය සමරනු ලැබීය. සැමරුම් දින පෙළපාළිය විද්‍යාලීය අණදෙන නිළධාරී තුමන් විසින් පරීක්ෂාකිරීමෙන් අනතුරුව විද්‍යාලයේ අනාගත කාර්යභාර්ය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරණ ලදී.

ගුවන් හමුදා පුහුණු ඉතිහාසය තුල මෙම කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයට හිමිවන්නේ සුවිශේසි ස්ථානයකි. මිලිටරි අධ්‍යාපනය සඳහා අන්තර්ජාතික ප‍්‍රමිතීන් ගෙන් යුතු  අධ්‍යයන පාඨමාලා සඳහා නවීන පහසුකම් වලින් විද්‍යාලය සමන්විත වීම විශේෂයකි.

මෙම සැමරුම හා සමගාමීව ශ‍්‍රමදාන වැඩසටහනක් හා දානමය පිංකමක් පෙබරවාරි මස 27 හා 29 යන ත‍්‍රීකුනාමලය සාන්ත ජෝශප් වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. මේ සඳහා විද්‍යලයේ විශාල පිරිසක් සහභාගිවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.