20 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නොකඩවා 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2019 මාර්තු මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය. ගුවන් හමුදා 68 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද මෙවර පාපැදි සවාරිය අදියර තුනක් යටතේ පැවැත්වීමට නියමිත වෙයි.

එහි පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා කි.මී. 114 ක දුරකින් යුක්ත විය. තරගකරුවන් 150 දෙනෙකු පමණ පළමු දිනයේ තරගය ආරම්භ කරන ලද අතර දෙහිවල ගල්කිස්ස මහනගර සභා පාපැදි සංචිතය නියෝජනය කරනු ලබන සුරංග රණවීර 2019 ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජයග්‍රාහකයා විය. යුධ හමුදාවේ පැතුම් සම්පත් වීරසිංහ සහ වරාය අධිකාරියේ ෙෂනාල් චමෝද් ද සිල්වා පිළිවෙලින් පළමු අදියරේ දෙවන හා තුන්වන ස්ථාන දිනා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.