ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර මගින් ප‍්‍රජාසත්කාරක සේවාවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව මුලතිව් වට්ටප්පෙලෙ මහා විද්‍යාලයට සනීපාරක්ෂක පද්ධතියක් සිසු අයිතියට පත්කිරීම ඇතුළූඋපකරණ බෙදාදීමක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැෆ්ටන් එස් පි වී කේ සේනාධීර මහතා විසින් සිදුකරන ලදී.

මේ අතර එම ප‍්‍රදේශයේ තවත්  ප‍්‍රජාසත්කාරක සේවාවන් රැසක් සිදුකරන ලද අතර මුලතිව් රෝහලේ පැවැත්වූ ශ‍්‍රමදාන වැඩසටහනක්, පිළකුදිරිප්පු හි සෙන්කදිර් ප‍්‍රාථමික විද්‍යාලය වෙත ජල පෙරහනයක් හා ජල ටැංකියක් ප‍්‍රධානය කිරීමක් හා මුලතිව් කේපප්පිලව් රජයේ මිශ‍්‍ර පාසැලවෙත ක‍්‍රීඩා උපකරණ ප‍්‍රධානයක් සිදුකිරීමක්දෙ මෙහිදී සිදුවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.