ශ්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ කණ්ඩායම ජාතික සම ශූරතාවය දිනාගැනීමට සමත්වෙයි

ආධුනික ඔරු පැදීමේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 2019 ජාතික ඔරුපැදීමෙ ශූරතාවලිය පෙබරවාරි 28 සිට මාර්තු 02 දක්වා බත්තරමුල්ල දියවන්නාවේදී පැවැත්විණි.

මෙහිදී වසර 08 කට පසු  ශ්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ පිරිමි කණ්ඩායම ශ්‍රී ලංකා නාවික  හමුදා ඔරු පැදීමේ පිරිමි කණ්ඩායම සම ශූරයන් බවට පත්විය. මෙහිදී රන් 02 රිදී 01 ලොකඩ 01 දිනාගැනීමට ගුවන් හමුදාව සමත් වු අතර නාවික හමුදාව රන් 02 හා රිදී 01 දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය සඳහා ත‍්‍රිවිධ හමුදාව ඇතුළූ කණ්ඩායම් 08 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200කට අධික පිරිසක් සහභාගී විය.

මෙම අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් යුධ හමුදා ඔරු පැදීමේ සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් ජේ එස් ආර් කුලතුංග සහභාගී වූ අතර  ගුවන් හමුදා ඔරු පැදීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් පාලින්ද කොස්වත්ත ගුවන් හමුදා ඔරු පැදීමේ සංචිතයේ ලේඛම් ගෲප් කැෆ්ටන් අසිත හෙට්ටිආරච්චි ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැුසක් සහභාගිවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.