20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන් වෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය නොකඩවා 20 වන වතාවටත් 2019 මාර්තු මස 01 වන දින සිට 03 වන දින දක්වා අදියර 3ක් යටතේ පවත්වන ලදී. ගුවන් හමුදාව සිය 68 වන සංවත්සරයට සමගාමීව මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය පවත්වන ලදී. දෙස් විදෙස් පාපැදි තරඟකරුවන් රාශීයක් මෙවර තරඟාවළිය සඳහා එක් වූ අතර කොළඹ සිට පොළොන්නරුව දක්වා කිමී 414 ක සමස්ථ දුරකින් යුක්ත වූ තරඟාවළිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප‍්‍රල් බුද්ධික වර්ණකුලසූරිය විසින් ජයග‍්‍රහණය කරන ලද අතර කාන්තා ශූරතාවය නායක ගුවන් කාන්තා පංචාලි සුලෝචනා විසින් දිනාගන්නා ලදී.  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හා පිරිමි පාපැදි කණ්ඩායම් විසින් තරඟාවළියේ කණ්ඩායම් ශූරතාවය හිමිකරගන්නා ලදී.

තරඟාවළියේ ජය සංකේත ප‍්‍රදානය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය ලේඛම් එයාර් කොමඩෝර් කිත්සිරි ලීලාරත්න ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. තරඟාවළයේ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය සිරස මාධ්‍ය ජාලය විසින් ලබාදුන් අතර සම අනුග‍්‍රාහකත්වය එල්ජී අබාන්ස් ආයතනය විසින් ලබා දෙන ලදී.

'


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.