උහන, මහකන්ඩිය ප‍්‍රාථමික විද්‍යාලය වෙත නව ගොඩනැගිල්ලක්

ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සරයට සමගාමීව උහන, මහකන්ඩිය ප‍්‍රාථමික විද්‍යාලය වෙත නව ගොඩනැගිල්ලක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සුරතින් 2019 මාර්තු මස 09 වන දින විවෘත කරනු ලැබිය.

උහන මහකන්ඩිය ප‍්‍රාථමික විද්‍යාලීය නව ගොඩනැගිල්ලේ ඉදිකිරිමි අමිපාර ගුවන් හමුදා කඳවුර මගින් සිදුකරණු ලැබූ අතර ගුවන් හමුදාධිපති තුමන්ගේ හා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක තුමන්ගේ අධීක්ෂනය මත එය සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම්කේ.කේ. සමරසිංහ අම්පාර  ගුවන්  හමුදා කඳවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එචි.ඩබිලිවි.ආර් චන්දිම ඇතුළු නිළධාරීන් සිසු නිලයන් රැසක් මෙම අවස්ථාවට එක් වූ අතර  ඉදිකිරිමි සදහා මුල්‍යමය පිරිවැය ගුවන් හමුදාධිපති සුභසාධක අරමුදල මගින් ලබා දෙන ලදි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.