ගුවන් හමුදා 68 වැනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී පැවති විශේෂ "පිච්ච මල් පුජාව"

කැලණිය රජමහා විහාරයේ දී 2018 මාර්තු 09 සවස  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා  විසින් විශේෂ පිච්ච මල් පුජාවකට සහභාගී විය. 68 වැනි සංවත්සරය වෙනුවෙන් මාතෘභූමිය හා සමස්ත ගුවන් හමුදාව වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ රණවිරුවන් සඳහා ආශිර්වාද පැතිම උදෙසා මෙම විශේෂ පිච්ච මල් පුජාව කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා ගේ මූලිකත්වයෙන්  මෙවර සංවිධානය කරන ලද්දේ දෙවන වරටය.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්,  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිළධාරින්,  කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරින්, සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.