16 වන ආසියාතික මළල ක්‍රීඩා උළෙලේ විශේෂ නියෝජිතයකු ලෙස බළගණ නායක වීරසේකර තේරී පත්වේ

චීනයේ ගුවැන්ෂූ නගරයේ මෙම මස 12 සිට 27 දක්වා පැවැත්වීමට නියමිත 16 වන ආසියාතික මළල ක්‍රීඩා උළෙලේ විශේෂ නියෝජිතවරයකු ලෙස සහභාගි වීමට බළගණ නායක සමන්ත වීරසේකර ජාතික ඔලිම්පික් හා ක්‍රීඩා ආමාත්‍යංශය විසින් තෝරා පත් කර ඇත.

වසර 04 ට එක් වතාවක් පැවැත්වෙන ආසියාවේ අතිදැවැන්ත මළල ක්‍රීඩා උළෙල සදහා රටවල් 54ක් තරග වැදීමට නියමිත අතර එකිනෙකට වෙනස් වූ මළල ක්‍රීඩා ඉසව් 55 න් 23 සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියෝජනය කරනු ලැබීම මෙහි තවත් විශේෂත්වයකි.

2006 වසරේ දකා නුවර පැවති 15 වන ආසියාතික මළල ක්‍රීඩ උළෙලේ තානාධිපතිවරයකු ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සාමාජික වරයකු ලෙස හා ගුවන් හමුදා හැන්ඩ් බෝල් සංචිතයේ වත්මන් ලේකම් ධූරයද මොහු විසින් හොබවනු ලබන අතර 2009 හා 2010 ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ පිට පිටම ටෙනිස් ශූරතාවය දිනා ගනිමින් දක්ෂ ක්‍රීඩකයකු ලෙස තම දායකත්වය ක්‍රීඩාව වෙනුවෙන් ලබා දී ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.