අන්තර් ඒකක බොක්සිං තරඟාවලිය - 2019

අන්තර් ඒකක බොක්සිං තරඟාගාවලිය 2019 මෙවර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී (2019 මාර්තු මස 14)පැවැත්වුණු අතර එහි පිරිමි අංශයේ ශූරතාවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර  දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ ශූරතාවය ඒකල වෘත්තීය පුහුණු පාසල දිනා ගැනීමට සමත්විය.

මෙම තරඟාවලියේ කාන්තා හා පිරිමි අනුශුරතාවය පිළිවලින් ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල් කන්ඩායම හා ගුවන් හමුදා කොළඹ කඳවුර හිමිකර ගන්නා ලදී.

තරඟාවලියේ හොදම බොක්සිං කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් ලෙස පිළිවෙලින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු කන්ඩායමේ නායක ගුවන් භට පෙරේරා ඩබ්ලිව් ඒ ටී එම්  සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසෙල්  නායක ගුවන් කාන්තා සෙව්වන්දි ඩබ්ලිව් බී ආර්  යන අය නම් කරනු ලැබීය.

මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේ.එෆ්ආර් ප‍්‍රනාන්දු නිළධාරීතුමන් සහභාගී වූ අතර ගුවන් හමුදා බොක්සිං සංගමයේ සභාපති එයාර් කොමඩෝර් කේ කේ ඒ කේ කළුආරච්චි කටුනායක කදවුරේ අණදෙන නිළධාරී එයාර් වයිෂ් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ ඇතුලු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.