අංක 59 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය

අංක 59 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2019 මාර්තු මස 15 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාවේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ ඒ එල් රණතුංග  ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. තවද මෙම අවස්ථාවට බංගලාදේශ ආරක්ෂක උපදේශක තුමන්  ශී‍්‍ර ලංකා යුධ හමුදාවේශී‍්‍ර ලංකා නාවික හමුදාවේල නිළධාරීන්  පිරිසක්ද සහභාගීවී සිටියහ.
 
මෙම පාඨමාලාව සති 14 ක් පුරාවට පැවැත්වුනු අතර බළඝණයේ නායක නිළයේ සහ බලපන්ති ලුතිනන් නිළයේ නිලධාරීන් 30 දෙනෙකු සහභාගී විය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 22 ක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මේජර් හා කැප්ටන් නිළයේ නිළධාරීන් 02 ක්ල ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ලුතිනන් නිළයේ නිළධාරීන් 02 සහ බංග්ලාදේශ පාකිස්තානු  ඉන්දියන් හා චීන හමුදා වන්හි නිළධාරියෙකු බැගින් මෙම පාඨමාලාව සදහා සහභාගී වී සිටියහ.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කැලණිය විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.

එදින රාත‍්‍රී පැවැත්වූ සුහද සාදය සඳහාද පාඨමාලාවේ උපාධි ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.