ඒකල ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ අංක 3 වාට්ටුවේ සංචාරයක

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ මගපෙන්වීම යටතේ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් සේවා වනිතා ඒකකය 2019 මාර්තු මස 19 වන දින මුල්ලේරියාව රෝහලේ අංක 3 වාට්ටුවේ සංචාරයක නිරත විය.

වාට්ටුවේ නෝවසිකව ප‍්‍රථිකාර ලබාගන්නා රොගීන් හට අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රදානය කිරීමක්ද මෙහිදී සිදු කරන ලදී. ඒකල වෘත්තීය පුහුනු පාසල් සේවා වනිතා ඒකකයේ සභාපතිනී ඈන් දුෂ්‍යන්ති පෙරේරා, නිළධාරිනියන් සහ ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.