ටයිගමොත් සහ ච්ප්මන්ක් මෙම සෙනසුරාදා නැවතත් උඩුගුවනට

ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය 2010 නොවැම්බර් මස 06 වන සෙනසුරාදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු පෑරනිතම ගුවන් යානා දෙක වන ටයිග මොත් සහ ච්ප්මන්ක් රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්  ගත කිරීමට සූදානම්ව සිටී.

බොහෝ වයසැති ඩි හැවිලන්ඩ් ටයිගමොත් සහ ච්ප්මන්ක් ටීඑම්කේ යන ගුවන් යනා දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ව්ශේෂ ඉන්ජිනේරු සහ කාර්මික බලකායේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසින් මෙසේ එලිදැක්වෙන වගයි.

1937 දී බ්‍රිතාන්‍යයේ දී හැවලන්ඩ් ගුවන් සමාගමේ දී නිපදවන ලද ටයිගමොත්  ගුවන් යානාව 1982 ජනවරි 21 වනදා ලංකා ගුවන් පුහුනු පාසලෙන් ලැබෙන විට ඉතා අබලන් තත්වයක පැවතුනි නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1988 සැප්තැම්බර් 18 වනදා වන විට එය නැවත ප්‍රතිසංස්කරණය කොට ගුවන් ගත කිරීමට සමත් විය.

1951 දී ප්‍රථම වරට පුහුණු ගුවන් යානාවක් ලෙසින් සේවයට එක් වූ  චිප්මන්ක් ගුවන් යානාව  1985 දී සිය මූලික සේවයෙන් ඉවත් විය අද වන විට ච්ප්මන්ක් යානා දෙකක් පියාසර මට්ටමේ පවතියි. 

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්  ගත කිරීමට සූදානම් කර තිබූ ටයිගර් මොත් සහ ච්ප්මන්ක් ගුවන් යානා ගුවන් ගත් කිරීමට නොහැ කිවූ අතර, ගුවන් යානා ගුවන් ගත කිරීමට සුදානම් කල අයුරු අප කැමෙරා කාඡයේ සටහන් වූයේ මෙසේය

ච්ප්මන්ක්

ටයිග මොත්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.