පාලවිය ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පිරිත් දේශනාව සහ දානමය පුන්‍යකර්මය

පාලවිය ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පිරිත් දේශනාව සහ දානමය පුන්‍යකර්මය කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප‍්‍රියදර්ශන මහතාගේ මගපෙන්වීම යටතේ 2019 මාර්තු මස 26 සහ 27 යන දිනයන්හිදී පැවැත්විණි.

මෙය ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව සිදුකරන ලද තවත් එක් වැඩසටහනක් මෙන්ම ගුවන් හමුදා බෝම්බ නිෂ්ක‍්‍රීය පුහුණු පාසල පාලවිය ගුවන් හමුදා කඳවුරේ නැවත ස්ථාපිත කිරීමෙන් අනතුරුව 7 වන සංවත්සරය සැමරීම සහ ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී රට දැය වෙනුවෙන් තම දිවි පරිත්‍යාග කරන ලද අභිත ගුවන් විරුවන් අනුස්මරණය කිරීම උදෙසා පවත්වන ලදී.

ආගමික වැඩසටහන කල්ලඩි, තම්බපන්නි විහාරස්ථානයේ නවගමුවේ මේධානන්ද හිමියන් ප‍්‍රමුඛ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක හිමිවරුන් 30 නමකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

කඳවුරේ සියළුම සේවා සහ සිවිල් කාර්යමණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.