අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2019

2019 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2019 මාර්තු මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. එහිදී වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සහ කොළඹ ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගන්නා ලදී.

මෙවර තරඟාවළිය සඳහා ජූඩෝ තරඟකරුවන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. කොළඹ ගුවන් හමුදා කඳවුර පිරිමි අනුශූරතාවය දිනාගත් අතර සහ වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල හා දියතලාව සටන් පුහුණු පාසැල කාන්තා අනුශූරතාවයේ  සම ශූරයින් බවට පත්විය.

ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඒඑම් ද සොයිසා මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ජූඩෝ සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.