දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගණයේ උසස් මට්ටමේ අධීක්‍ෂණ සංචාරයක්

දකුනු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ උසස් මට්ටමේ අධීක්‍ෂණ සංචාරයක් පසුගිය 2019 මාර්තු මස 22 සිට 29 වන දින දක්වා ගුවන් හමුදා පොලිස් සේවා අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම් ඩබ්ලිව් ටී අයි ද සිල්වා විසින් සිදු කරන ලදී. මෙහිදී  පොලිස් සේවා අධ්‍යක්‍ෂක තුමන් බලඝණ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩී එස් සමරවීර විසින් බෝර් ගුවන් තොටුපලින්පිළිගනු ලැබූ අතර මාර්තු මස 25 දින  ගෲප් කැප්ටන් ආර් එම් ඩී ටී එම් වීරරත්න, ගෲප් කැප්ටන් එන් සපුගස්තැන්න, ඩබ්ලිව් ඔි එම් අයි ද අල්විස් ගුණතිලක මහතා (අතිරේක ලේඛම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය) යන නිළධාරීන් ද මෙම අධීක්‍ෂණ සංචාරය සඳහා සහභාගී විය. අනතුරුව බළඇණි අණදෙන නිලධාරීතුමන් විසින් බලඇණියේ කාර්ය භාරය පිළිබඳව විස්තර කරන ලදී.
 

පසුදිනල අධ්‍යක්‍ෂක තුමන් විසින් ශ‍්‍රී ලංකා  ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ සියළුම අංශයන් පරීක්‍ෂාවට ලක්කල අතර  කොරියානු යාන්ත‍්‍රික ඉංජිනේරු බලඇණිය ඉතියෝපියානු බලඇණියල  සහ ශ‍්‍රී ලංකා යුධ හමුදා බලඇණි දෙවන මට්ටමේ රෝහල යන  බලඇණි ප‍්‍රධානීන් හමුවිය.

බෝර් ගුවන් තොටුපලේ පිහිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් අංගනයේ සංචාරය අනතුරුව 2019 මාර්තු මස 29 වන දින මෙම සංචාරය අවසන් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.