ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ප‍්‍රජා සත්කාරක සේවාවක්

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රජා සත්කාරක සේවාවක් පසුගිය මාර්තු මස 29 කොළඹ කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩා පිටියේදී පවත්වන ලදී. මෙහිදී සේවා හා සිවිල් පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ඇස්කන්නාඩි ප‍්‍රධානය කිරීමක් හා වෛද්‍ය සායනයක් පවත්වන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මෙම අවස්ථාවට සහභාගීවු අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය විසින් එතුමන් පිළිගන්නා ලදී.

මෙහිදී ගුව්න හමුදා සෞඛ සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එල්ආර් ජයවීර මහතාගේ ආරාධනාවකට ඩී එස් ජයසිංහ දෘෂ්ටි විශේෂඥයන් විසින් සිය ජංගම ඇස්පරීක්ෂා කිරීමේ ඒකකය ද මෙම ස්ථානයේ සථාපිත කර තිබුණි.

මෙම වෛද්‍ය සායනය සඳහා සෞඛ සේවා අධ්‍යක්ෂකයේ වෛද්‍ය වරුන් පිරිසක් ද  කොළඹ ගුවන් හමුදා  රෝහල රත්මලාන  හා ඒකල යන කඳවුරු හි වෛද්‍ය වරුන් පිරිසක් ද සහභාගිවිය.

මෙහිදී බලලත් නිළධාරී කේඩීඑල් කරුනාරත්න ගේ මව වෙත රෝදපුටුවක් පරිත්‍යග කිරීම සේවා වනිතා ඒකකයේ සභාපති තුමිය අතින් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් හා සේවා වනිතා එකකයේ සාමාජිකාවන් මෙන්ම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී තුමන්ද සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.