ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය - 2019

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2019 මාර්තු මස 29 වන දින පැවැත්විණි.

මෙහිදී පිරිමි  ශූරතාවය  වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී. අනුශූරතාව  චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරු කණ්ඩායම සමත්කම් දක්වන  ලදී.

කුසලාන හා සහතිකපත් ප‍්‍රධානෝත්සවය සඳහා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගී වූ අතර ගුවන් හමුදා හොකී සංචිත සභාපති එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහල අනෙකුත් නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහග

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.