රත්මලාන විද්‍යුත් සහ විදුලි සංදේශ පක්‍ෂාංගය සිය 30 වන සංවත්සරය සමරයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය සිය 30 වන සංවත්සරය 2019 අපේ‍්‍රල් මස 02 වන දින සමරන ලදී. සංවත්සර දින සැමරුම් වැඩසටහන් මාලාව උදෑසන සංවත්සර දින පෙළපාලියෙන් ආරම්භ විය. සංවත්සර දින පෙළපාලිය පක්‍ෂාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඒඩීඒ ජයතිලක විසින් නිරීක්‍ෂණය කරන ලදී.

අනතුරුව පක්‍ෂාංගයේ සාමාජික සාමාජිකාවන්ට සහ සමස්ත ගුවන් හමුදාවටම සෙත්පතා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින දහවල් 30 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිනාවක් පක්‍ෂාංග පරිශ‍්‍රයේදී පක්‍ෂාංගයේ සියළුම සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සංවත්සරයට සමගාමීව 2019 අපේ‍්‍රල් මස 10 වන දින රත්මලාන දුම්රියපොළෙහි ශ‍්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.