ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මතින් නිදහස් රටක් බිහිකිරීම උදෙසා ”බක්මහ දිවුරුම” මගින් ප‍්‍රතිඥා දෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, යුධ හමුදාව, නාවික හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලිසිය එක් මතින් නිදහස් රටක් බිහිකිරීම උදෙසා ”බක්මහ දිවුරුම” නැතහොත් ”අපේ‍්‍රල් ප‍්‍රතිඥාව” ලබාදීම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛතීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2019 අපේ‍්‍රල් මස 03 වන දින කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්විණි. මෙම වැඩසටහන අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක වැඩසටහනකි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා නිළ උත්සවය සඳහා සහභාගී වූ අතර ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු සමාජිකයින්, ආරක්‍ෂක ලේකම්තුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, යුධ හමුදාධපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් ඇතුළු රැුසක්ද සහභාගී වූහ.

ගුවන් හමුදා ජාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත ප‍්‍රධාන වැඩසටහන ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලද අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී  එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් විසින් සියළුම සාමාජිකයින් හමුවේ ”බක්මහ දිවුරුම” ප‍්‍රතිඥාව ඉදිරිපත් කරන ලදී. ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය. දිවුරුම් දීමෙන් අනතුරුව ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ රාජකාරීන්හි නියුතු සාමාජිකයින් වෙනුවෙන් ඒ ඒ ස්ථානයන්හිදී නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වුණු ප‍්‍රධාන වැඩසටහන සජීවීව නැරඹීමේ අවස්ථාව උදාකරදී තිබිණි. එසේම සියළුම ගුවන් හමුදා කඳවුරුවල සාමාජික සාමාජිකාවන්ට මෙම වැඩසටහන නැරඹීමට අවස්ථාව සලසා තිබිණි.



Air Force Headquarters


Station Colombo


Station Piduruthalagala

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.