ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා තව දුරටත් සෝදිසි මෙහෙයුමේ

වසර 18 ට පසු කොළඹ නගරයට ඇද හැලුනු වැඩිම වර්ෂාපතනය හේතුවෙන් අවතැන් වූවන් සහ හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් ගුවන් හමුදාව සෝදිසි මෙහෙයුමක් අද උදැසන සිට දියත් කරන ලදී.

කටුනායක කදවුරේ සිට ක්‍රියාත්මක වෙමින් කඩවත, කොලොන්නාව, කැලණිය, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, මාලිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, බොරැල්ල, කඩුවෙල, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය, නාවල, කොස්වත්ත, බත්තරමුල්ල, පැලවත්ත, මීගොඩ,දෙහිවල, නුගේගොඩ, රත්මලාන, අත්තිඩිය සහ බොරලැස්ගමුව ආදි ප්‍රදේශ ආවරනය කරමින් මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදාව සමත්ව සිටී.

විපතට පත්වූවන් පිළිබදව ගුවනේ සිට ඡායා රූප හා වීඩියෝ දර්ශන ආධාරයෙන් ලබාගත් තොරතුරු සහන සේවා කණ්ඩායම් වෙත ලබා දීමටද ගුවන් හමුදාව විසින් කටයුතු කල අතර තව දුරටත් මෙම තත්වය පහව යනතුරු ගුවන් හමුදා මුදවා ගැනීමේ කණ්ඩායම් හා හෙලිකොප්ටර් යානා සීරුවෙන් තබා ඇත.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.