ඉන්දියානු ඒකබද්ධ ආරක්‍ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානීතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ඉන්දියානු ඒකබද්ධ ආරක්‍ෂක මාණ්ඩලික කමිටු ප‍්‍රධානී ලුතිනන් ජෙනරාල් පෝදාලි ශන්කර් රාජේශ්වර් මහතා 2019 අපේ‍්‍රල් මස 08 දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ලුතිනන් ජෙනරාල් රාජේශ්වර් මහතා, 06 වන ඉන්දු - ශ‍්‍රී ලංකා වාර්ශික ආරක්‍ෂක සමුළුවට සහභාගී වීම පිණිස දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු ආරක්‍ෂක ලේකම් සංජය මිත‍්‍රා මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකි.

ලුතිනන් ජෙනරාල් රාජේශ්වර් මහතා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලදී. අනතුරුව ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවූ නියෝජිත පිරිස සුහද සාකච්ඡුාවක නිරත වූහ. හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරු කරගැණීමක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.