මඩකලපුව ගුවන් හමුදා කඳවුර මගින් ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘතියක්

මඩකලපුව ගුවන් හමුදා කඳවුර මගින් මඩකලපුව ප‍්‍රදේශයේ පුතූර් විග්නේශ්වර් විද්‍යාලය, නාවල්අඩි නමහල් විද්‍යාලය, මඩකලපුව පලමීන්මඩු විග්නේශ්වර විද්‍යාලය සහ මඩකලපුව අමිර්තකාලි ශ‍්‍රී සිති විනයාගර් මහා විද්‍යාලය වෙත පාසල් මේස සහ පුටු ලබා දීම 2019 අපේ‍්‍රල් මස 11 වන දින සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදාධිපතිතුමන්ගේ උපදේස මත කී5යාත්මක කරන ලදී.

මඩකලපුව ගුවන් හමුදා කඳවුර මගින් සිදුකරන ලද මෙම කාර්යය අගයමින් මේස සහ පුටු භාරදීමේ උත්සවය එම විදුහල් වල විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලය මගින් සංවිධානය කරන ලධී. කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සංජය විතාන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.