පාකිස්ථාන් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියේජිතයින් පිරිසක් ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක

පාකිස්ථාන් ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියේජිතයින් පිරිසක් 2019 අපේ‍්‍රල් මස 17 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එයාර් කොමඩෝර්  මශ්ටෆා අන්වර් මෙම නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබු අතර පාකිසිථාන්, ඉරාන, නේපාල් සහ බංගලාදේශය යන රටවල් නියේජනය කරමින් හමුදා නිලධාරින් 16 දෙනෙකු මෙම අධ්‍යන චාරිකාවේ නිරත විය.

නියෝජිත පිරිසේ නායකයා  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති තුමන් සමග සුහද පිළිසදරක යෙදුණු අතර අන්යෝන්‍ය සහයෝගීතාවය පිලිබදව වැදගත් කරුණු රුසක් සාකච්චාවට බදුන් වූ අතර මෙම අවස්ථාව සිහිවීම  පිණිස  සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරණ ලදී.

ඉන් පසු ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක 1 ගෲප් කැප්ටන් තුෂාර වීරරත්න විසින් ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් ඉතිහාසය, සංවිධානය, ගුවන් බලය පරිණාමය හා ගුවන් හමුදාවේ ඉදිරි දැක්ම පිළිබදව දේශනයක් පවත්වන ලදී.ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුළු නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.