2019 ආසියානු කාන්තා ක‍්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය 2019

2019 ආසියානු කාන්තා ක‍්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය 2019 අපේ‍්‍රල් මස 27 වන දින සිට 2019 මැයි මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ සදහා සහභාගීවීමට ගුවන් හමුදා කාන්තා  වොලිබෝල් කණ්ඩායම පසුගිය දා චීනය බලා පිටත්ව ගියේය. 14 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ජාතික කණිෂ්ඨ වොලිබෝල් ශූරතාවය දිනාගත් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් සහ ජාතික මට්ටමේ ක‍්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ඇතුලත් වේ. 

ආසියාවේ හොදම කාන්තා කණ්ඩායම් මේ තරගාවලිය සදහා සහභාගි වන අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට මහගු අවස්ථාවක් ලෙස සැලකිය හැක.

අපේ‍්‍රල් මස 28 වන දින තුර්කිස්ථාන් බිනගර් කණ්ඩායම 3-0 කින් පරාජය කරමින් තරගාවලියේ ප‍්‍රථම ජයග‍්‍රහනය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ ලේකම් වින්ග් කමාන්ඩර් එච් එම් එච් ජී හේරත් මෙම කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.