ත්‍රිකෝණමඩු දීපවාලියේ ආලෝකයෙන් බැබලේ..

ත්‍රිකෝණමඩු ගුවන් හමුදා කඳවුර 2010 අප්‍රේල් මස 01 දින ආරම්භ කරන ලද්දේ එවකට කොටි ත්‍රස්ත ග්‍රහණයෙන් පීඩාවට පත් ජනතාව සමාජ ගත කිරීම, සහ ඔවුන්ගේ සුභ සාධක කටයුතු පිළිබඳව ක්‍රියා කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

ආලෝක පුජාව හෙවත් දීපවාලී දිනය ලෝක වාසී හින්දු බැතිමතුන්ට උතුම් උත්සවයකි. පසුගිය නොවැම්බර් මස 05 දින ත්‍රිකෝණමඩු ගුවන් හමුදා කඳවුරු සාමාජිකයින් සහ ප්‍රදේශයේ දෙමළ ජනතාව හා එක්ව මෙම උත්සවය උත්සවාකාරයෙන් සැමරීය. දින පහක් පුරාවට 1500කට අධික සිවිල් ජනතාවකගේ සහභාගීත්වයෙන් විවිධ සංස්කෘතික අංග ඇතුළුව ක්‍රීඩා ඉසව් ගනනාවකින් යුක්තව දීපවාලී උත්සවය සහෝදරත්වයෙන් සැමරීය.    

පුණරුත්තාපන කොමසාරිස් ජෙනරාල් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ ගේ උපදේශකත්වයෙන් ගුවන් කොමදෝරු ශාන්ත නරසිංහගේ මග පෙන්වීම යටතේ මෙම සද්කාර්ය සාර්ථකව සිදු කරන ලදී.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.