ගුවන් හමුදා නිළධාරීන් 13 දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂනයෙන් පිදුම් ලබයි

ති‍්‍රවිධ හමුදාවේ සේවය කරනු ලබන සහ විශ‍්‍රාමික නිළධාරීන් 65 දෙනෙකු හට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය කිරීම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2019 මැයි මස 22 වන දින සිදුකරන ලදී.

මෙහිදී ගුවන් හමුදාවේ උසස් නිළධාරීන් 13 දෙනෙකු විශිෂ්ට සේවා විභූෂණයෙන් පිදුම් ලබන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් සහ නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් මොහන් ද සොයිසා යන මහත්වරු ගුවන් හමුදාවේ පදක්කම් හිමිකර ගන්නා ලද සේවයේ නියතු නිළධාරීන් අතර වුහ. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූහ.

විශිෂ්ඨ සේවා විභූෂන පද්කකම ති‍්‍රවිධ හමුදාවේ වසර 25 කට අධික කාලයක් සේවයේ නිරත වෙමින් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පරිනමනු ලබයි. මෙම පදක්කම හිමකරගන්නා සේවා පුද්ගලයනි හට ඔහුගේ හෝ ඇයගේ නමට අනතුරුව වීඑස්වී ලෙසින් සඳහන් කල හැකි වෙයි.

ගුවන් හමුදාවේ විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම හිමිකරගන්නා ලද සේවා සහ විශ‍්‍රාමික නිළධාරීන්.

සේවයේ නියුතු නිළධාරීන්
එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්
එයාර් වයිස් මාර්ෂල් ඒඑම් ද සොයසා
එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු
එයාර් වයිස් මාර්ෂල් එස්කේ පතිරණ
එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය
එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ
එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ
එයාර් වයිස් මාර්ෂල් එම්ඩබ්ටීඅයි ද සිල්වා


විශ‍්‍රාමික නිළධාරින්

එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත්
එයාර් වයිස් මාර්ෂල් එන්එච්වී ගුණරත්න
එයාර් වයිස් මාර්ෂල් එල්එච්ඒ සිල්වා
එයාර් වයිස් මාර්ෂල් සීපී වැලිකල
එයාර් වයිස් මාර්ෂල් ජේපී වනිගතුංග


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.