සේවා වනිතා ඒකකයෙන් තවත් විශේෂ පරිත්‍යාග කිහිපයක්

සේවා පුද්ගලයින් විසින් සිදුකරන ලද විවිධ ඉල්ලීම් සලකා බලා සේවා වනිතා ඒකකයේ සභාපතිණි අනෝමා ජයම්පති මහත්මිය විසින් 2019 මැයි මස 27 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී විශේෂ පරිත්‍යාගයන් කිහිපයක් ලබාදෙනු ලැබුවාය.

විහ‍්‍රාමික නිළධාරී ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එන්අයි වැල්ලහේවගේ, බලපන්ති සැරයන් රත්නායක එල්ආර්එල්ආර් සහ කෝප‍්‍රල් රණමුඛආරච්චි ආර්ඒඒජී හට රෝද පුටු තුනක්, බලපන්ති සැරයන් අරුණශාන්ත එච්පීජීජීපී ගේ බිරිඳ හට මහන මැෂිමක් සහ මියගිය කෝප‍්‍රල් ජිනදාස බීකේසීපී ගේ පුතා සහ මියගිය නායක ගුවන් භට සෙනෙවිරත්න එච්එම්සීපී ගේ දියණියන් දෙදෙනා හට ශිස්‍යත්ව තුනක් මෙහිදී ප‍්‍රදානය කරන ලදී.


  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.