ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ 13 වන නිවස ප‍්‍රදානය කෙරේ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකර නිමකරන ලද 13 වන නිවස 2019 මැයි මස 28 වන දින නායක ගුවන් භට නිශාන්ත කුමාර ජේඑස් හට ප‍්‍රදානය කිරීම සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රදානත්වයෙන් බඩල්ගම ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් සපයන ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍සාංගය සහ ඒකල ගුවන් හමුදා කඳවුර මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, ඒකළ ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී, ගෲප් කැප්ටන් එම් ජේ ආර් පෙරෙරා, නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.