ගුවන් හමුදා සේවා වනිතා අර්ධ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 සහ 2 සම්පූර්ණ කරයි

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 24  අතරින් නිවාස 16 ක ඉදිකිරීම් කටයුතු නිමකොට තිබේ. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ඒ යටතේ ඉදිකරන ලදපස්යාල ප‍්‍රදේශයේ පිහිටි විශ‍්‍රාමික බලපන්ති සැරයන් කලුවාවගේ නිවසේ නිරීක්‍ෂණ චාරිකාවක අද 2019 මැයි මස 28 වන දින නිරත වූවාය.  මෙම නිවස ඉදිකර නිමකරන ලද නිවාස 16 යෙන් එකකි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා අරමුදල් සපයන ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ මීරිගම ගුවන් හමුදා කඳවුර මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු පිලිබඳ අධීක්‍ෂණය කරනු ලබයි.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන්කේ තනිපුලිආරච්චි,  නිළධාරීන්ල සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.