ගුවන් හමුදාධිපතිතුමන් එයාර් චීෆ් මාර්ෂල් නිළයට උසස් වෙයි

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජිවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් තමන් වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමපති මහතා 2019 මැයි මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි එයාර් චීෆ් මාර්ෂල් නිළයට උසස් කරන ලදී.

එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති  මහතා 16 වන ගුවන් හමුදාධිපති වශයෙන් 2016 සැප්තැම්බර් මස 12 වන දින ධුරයෙහි  වැඩ භාරගන්නා ලදී. ඔහු 2019 මැයි මස 29 වන දින ගුවන් හමුදාධිපති ධූරයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිත වෙයි.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.