ගුවන් හමුදා වීරවිල කදවුර සිය 41 වන සංවත්සරය සමරයි

වීරවිල ගුවන් හමුදා කඳවුර පසුගිය ජූනි මස 01 වන දින සිය 41 වන සංවත්සරය සමරන ලදී. සංවත්සර දින වැඩසටහන ආරම්භ කරමින්  වැඩ පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම කදවුරු අනදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩිආර්ඒබී වරකාන්ග මහතා විසින් සිදු කරන ලදී.

සංවත්සර දින වැඩසටහන් ලෙස කි‍්‍රකට් තරගාවලියක් පැළ සිටවීමේ වැඩසටහනක් හා සුභද්‍රා වැඩිහිටි නිවාසය හා වීරවිල මහා විද්‍යාලයේ ශ‍්‍රමදාන වැඩසටහනක් සංවිධානය කර තිබු අතර  එම අවස්ථාවට කදවුරේ සියලුම නිලධාරින් සෙසු නිළයන් හා සිවිල් සේවකයින් සහභාගී විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.