"රණවිරු රියල් ස්ටාර්" වැඩසටහනට ගුවන් හමුදාවෙන් 38ක්...

ලංකාවේ රියැලිටි වැඩසටහන් අතර ලාංකික හදවත් ඉතාමත් ඉක්මනින් ආකර්ෂණීය කරගැනීමට "රණවිරු රියල් ස්ටාර්" වැඩසටහන සමත්ව ඇති බව දැනටමත් ලැබෙන ප්‍රථිචාර තුලින් පැහැදිලි වේ. රට සුරක්ෂිත කල නිදහසේ කොටස් කරුවන් වු යුධ, ගුවන් සහ නාවික විරුවන් ගේ ගායන කුසලතා එළිදැක්වෙන මෙම කටයුත්ත ලොව පළමු වතාවට සිදුවන්නකි.  

"රණවිරු රියල් ස්ටාර්" වැඩසටහන සඳහා ගුවන් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ඉදිරිපත්වී සිටි අතර ඔවුන්ගේ හැකියාවන් ඔප් නැංවීමේ අරමුණින් පසු ගිය ඔක්තෝම්බර් මස 06 දින ප්‍රසිද්ධ ගායක රජිව් සෙබස්තියන් මහතා විසින් ඒකළ ගුවන් හමුදා කඳවුරේදී තරග කරුවන් 531ක් සඳහා  වේදිකාවක් තුල නරඹන්නන් ඉදිරියේ තම දක්ෂතා ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මාලාවක් ලබාදෙන ලදී.

පසුගිය මාසය පුරාවටම මෙම තරග කරුවන් තුලින් විශිෂ්ඨතමයින් තේරීම සිදු කල අතර පසුගිය ඔක්තෝම්බර් මස 18 සහ 19 දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර පරිශ්‍රයේ අවසන් අදියරේ තේරීම් කටයුතු සිදු කරන ලදී. තරගකරුවන් 75 දෙනෙකු ඉදිරිපත් කල ගායනයන් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක අදීක්ෂණයට ලක්වු අතර එහීදී යුධ සහ නාවික හමුදා තරග කරුවන් සමග තරග වැදීම සඳහා දක්ෂයින් 38 දෙනෙකු තෝරා ගන්නා ලදී.  

"රණවිරු රියල් ස්ටාර්" වැඩසටහනේ අවසන් මහා තරගය මැයි 28 දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කැර ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.